Colombo Today Local News

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණි 2000 කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඔවුන් රැඳී සිටින ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම කටයුතු සිදු කරන බවයි.

මේ අතර ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු පුද්ගලයින් වෙනම මධ්‍යස්ථානවල රඳවා නිරෝධායනය කිරීමට ද තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඒ සඳහා මධ්‍යස්ථාන කිහිපයක් කඩිනමින් සූදානම් කරන බවයි.

කොරෝනා ආසානදනය වූ බවට සැකපිට පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.

වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඔවුන්ගේ සාම්පල මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

Related posts

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

පුත්තලමේ මහ ව්‍යසනයක්.. පිළිකාකාරක බැර ලෝහ තොග පිටින් පරිසරයට මුදාහරී.. බලධාරීන් නිදි (Photo)

colombotoday

15 හැවිරිදි දැරියක මහල්ලන්ට විකුණූ මව සමග 4ක් අත්අඩංගුවේ

Admin

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday