Colombo Today Local NewsCovid 19World

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

ඉතාලියේ කොරෝනා මරණ ගණන 1,000 ඉක්මවා ගියේය.

ඒ අනුව සති දෙකක් ඇතුළත කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සම්පූර්ණ ගණන 1,016 යැයි එරට නිල සංඛ්‍යා දත්ත සඳහන් කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ.

ඒ අනුව ලොව පුරා 5,065 දෙනෙකු වයිරසයෙන් මිය ගොස් ඇත.

Related posts

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

මෙන්න තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක්

Admin

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

colombotoday