Colombo Today Local News

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවි බලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

1964 වර්ෂයේ මැයි මස 29 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 56 වැනි වියේ පසුවුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා රජයන් කිහිපයකම ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළා.

Related posts

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

මැතිව්ස්ට කොවිඩ්

colombotoday

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

පෙළපාලි තහනම්

Admin

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday