Colombo Today Local News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකානු රජයෙන් ආරක්ෂක පහසුකම ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.මේ සඳහා වන විශේෂ අයැදුම්පත ඔහු කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට යොමුකර ඇති බවද වාර්තා විය.

අමෙරිකා එක්සත් ජනපදයේ (ග්‍රීන් කාඩ්) ලාභියකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මඟින් කියා ඇත්තේ තමන් සම්බන්ධ නැති වරදකට චූදිතයකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය. එම නිසා තමන් ආරක හේතු මත ඉදිරියට අමෙරිකාවේ ජීවත් වීමට අපේක්ෂා කරන බැවින් ඊට අදාළ පහසුකම් සපයන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇතැයි සඳහන්ය.

එහෙත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඉල්ලීම ගැන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් තීන්දුවක් ගෙන නැත. ඔහු ලබන 19දා නැවත මෙරටට පැමිණි පසු කරුණු විමසීමක් කර අදාළ අයදුම්පත තීන්දුවක් ගැනීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත තහවුරු කරන නමුත් අද්මිරාල් විජය ගුණරත්න මහතාගෙන් ඒ ගැන විමසීමට ඔහු අපවෙත සම්බන්ධ කරගත නොහැකි විය.

දේශය

Related posts

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday