Colombo Today Local News

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවි නොහැකියාව වසා ගැනීමට උත්සහා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජනවලට හා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට අදහස් පළ කරන පුද්ගලයින්ට ආණ්ඩු පාර්ශවයේ ඇතැම් පුද්ගලයින් නගන අවලාදවලට ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස එරෙහි විය යුතු බව ද ඒ මහතා කියා සිටියි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ,  සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති මොහොතක ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ලීමට ආණ්ඩුව ගත් සියලු වැඩ පිළිවෙල ඉතාමත් අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය කොට තිබෙන බවයි.

ලබා දෙන ආහාර මල්ලේ  පක්ෂ ලාංඡනයක් යෙදීමට තරම් පහළට ඇද වැටීම ඛේදජනක බවත්, එම ලාංඡනය යොදා ඇත්තේ රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා පත් කළ කාර්ය සාධක බලකාය දේශපාලන වැඩ පිළිවෙලකට සූදානම් වන බව පැහැදිලි බවත්, වසංගතය ආරම්භයේ දී ම කළ යුතු දේ නො කළ ආණ්ඩුව වර්තමානයේත් සිදු කරමින් සිටින්නේ ‘ඉබාගාතේ’ යාමක් බව ද කියා සිටියේය.

“ආණ්ඩුව සිය අසමත්භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවකි .තමා විසින් පාලනය කරනු ලබන ජන මාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කොරෝනාව ට වර්ග වාදය ආරෝපණය කිරීමයි .

පාර්ලිමේන්තු ව යළි රැස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහි ව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වය හෙළි වීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බවයි .මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජන පාර්ලිමේන්තු ව රැස් කරන ලෙස ඉල්ලීම් කරන්නන්ට නගන අවලාද තුළින් දිස් වන චිත්‍රය රටේ අනාගතය පිළිබඳ ව බිය කරු සිත්තමක් බව  අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍යවේ.

සමාජ දුරස්ථ භාවය රටේ ප්‍රජාතන්ත්‍ර වාදය දුරස්ථ කිරීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කරමු .සියලු ම ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් මේ මොහොතේ යළි යළිත් ඉල්ලා සිටින්නේ මෙයට එරෙහිව පෙළ ගැසෙන ලෙසයි.

අතිශය සංවේදී මොහොතක සැඟවුණු දේශපාලනය හඳුනා ගැනීමටත් එය ට එරෙහි වීමත් දේශප්‍රේමය නමින් සළු පිළි හඳින ආත්මාර්ථකාමී දේශපාලනය නිරුවත් කිරීමටත් බිය  නොවිය යුතු ය .සැබෑ ප්‍රශ්නය විසඳන්න ට හැකියාවක් නොමැති ව ආණ්ඩුව කරනු  ලබන ප්‍රෝඩාව හෙළි කිරීම  කොරෝනා වෛරසය ජය ගැනීමට වැදගත් බව තේරුම් ගනිමු .”.

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

එක්නැලිගොඩ නිසා තවත් බුද්ධි නිලධාරියෙක් සිරගෙට.. දැන් 7යි

colombotoday

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

Admin

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday