Colombo Today Local News

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

හදිසි වැටලීමකට යමින් සිටි ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකින් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි.එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය – ඉහළගම පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ 04 වැනිදා රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබී ඇත.ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇත.එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.

එහිදී ඉදිරියට පැමිනෙමින් තිබූ සැක සහිත ලොරිය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහු බදින්නට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.

අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ. රෝහලට ඇතුළත් කරන විටත් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොසිනි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Related posts

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday