Colombo Today Local News

ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. – ඥානසාර හිමි

ජාතික ඒකාබද්ධතාවය ගැන තීන්දු තීරණ ගත හැකි, ජාතික වශයෙන් තීරණ ගතහැකි, සංඝයා වහන්සේට කන්දෙන නායකයෙකු රටට අවශ්‍යව ඇති බවත් එවන් නායකයෙකු වෙලාවට පැමිණෙනු ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගඅත්තේ ඥාණසාර හිමියෝ ගම්පහදී පැවසුහ.

ගම්පහ, ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ පැවති ” දැයම එක රොදකට” ගම්පහ විද්වත් කතිකාවේදී උන්වහන්සේ එසේ කීය.

නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන් මුලසුන හෙබවූ මෙම කතිකාවේදී ඥාණසාර හිමියෝ මෙසේද පැවසුහ.

“අපට මොන දේවල් කිරීමටත් රටක් තිබිය යුතුයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය ගැන විශාල කම්පාවක් පවතිානව.රිය අනතුරක් සිදුවු විටෙක පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට සමානව තමයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙනුත් ක්‍රියා කරන්නෙ.

ප්‍රහාරයත් එක්ක අපිට කියා දෙන පණිවිඩය ඉතාමත් ගැඹුරුයි. නමුත් මේ ප්‍රහාරය දියත් වුණාට පස්සෙවත් අදටත් අපිට බැරිවෙලා තිබෙනව, කියන්න ලැජ්ජයි, අපේ නිකායික මුලස්ථානය වෙන්න පුළුවන් , දේශපාලන ධාරාවේ නායකයින් වෙන්න පුළුවන්, ජාතික සංවිධාන කියන සංවිධාන වෙන්න පුළුවන්, දේශකයින් කියන හාමුදුරුවරු වෙන්න පුළුවන් , මේ ප්‍රශ්නය ගැන විවෘතව කතා කරන්නට කෙනෙක් නැහැ. මොන අවාසනාවක්ද මේ. දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි. පන්සල් හදන්නත්, බණ භාවනා කරන්නත් , මොන දේ කරන්නත් රටක් තිබිය යුතුයි.

සහරාන්ලා වගේ තවත් හාර පන්සීයක් පුපුරවගන්න පුලුවන්. වෙනත් විධි වලින් එන්නත් පුලුවන්. මේ ප්‍රශ්නය කළමනාකරණය කිරීමේදීවත් අවම වශයෙන් බුදු මග පාවිච්චියට නොයන්නේ ඇයි කියල මට භික්ෂූන් ලෙස විශාල වේදනාවක් තිබෙනව. චතුරාර්ය සත්‍ය , හේතුඵලවාදය තේරුම් ගත්තා නම් මේ තත්ත්වයන් වලක්වාගන්න පහසු වෙනව.

මේ ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. ඒක අපේ අතට නොගත්තොත් , වසර තිහක් දේශපාලකයින් වවාගෙන කාපු එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත කල්ලිය වගේ වේවි.

ඉස්ලාමීය පිළිකාව අපි ඉවත් කළ යුතුයි. මේ නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය නිවැරදි රේඛාව තෝරාගත යුතුයි , ආගමේ ඇති අන්තවාදය සහ සහජීවන පදනම කුමක්ද යන්න. හාමුදුරුවන් ලෙස ඒ සමාජය සාකච්ඡාවට කැඳවන්න වෙනව. අද අපි ඉන්නේ ඉතාමත් අවධානම් තැනක.පසුගිය වසර හැත්තෑවක් තුල අස්වැද්දු දේවල් තමයි අද නෙලා ගන්නෙ.”

Related posts

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday