Colombo Today Local News

අලි සබ්‍රි ගෙන් සාෆිගේ නඩුව ගැන ඇසුවාට අසාද් සාලි සජිත් පිලට දෙහි කපයි

වර්තමාන ආණ්ඩු පක්ෂය ජාතිවාදී පක්ෂයක් බව සිතා සිටිය ද මුස්ලිම් හා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විට ප්‍රහාර එල්ල කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂය බවට සමගි ජන බලවේගයෙ ජාතික ලැයිස්තු අපේක්ෂක අසාත් සාලි චෝදනා කර සිටී.

වෛද්‍ය සාෆි වඳ සැත්කම් කළ බවට රතන හිමි සහ වෛද්‍ය චන්න ජයසුමන සිදුකළ චෝදනා ඔප්පු කරගත නොහැකි වූ නඩුවක් බවත් එම නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් කවුරු දැයි වර්තමාන අධිකරණ ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුව තුළදී සජිත්ගෙ පිල ප්‍රශ්න කරන බවත් එය අධිකරණ ඇමතිගෙන් අසන ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම පවසයි.

විපක්ෂයට ප්‍රශ්නයක් වී ඇති පාර්ලිමේන්තුවට අඳින ඇඳුම කිසි වැදගතකමක් නැති බවත් ජාතික ඇඳුම ගැන වත් නොදන්නා අය පාර්ලිමේන්තුවට අඳින ඇඳුම ගැන අල්ලාගෙන ගසන බවත් ඔහු පවසයි.

ඩී එස් සේනානායක ජාතියේ පියාගේ විපක්ෂයට තවමත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුවවත් පුරවා ගන්නට නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

colombotoday

බෙදුම්වාදීන් ඉල්ලන, රනිල්-චන්ද්‍රිකාලා බලාත්මක කරන්න ගිය 13 න් බලය බෙදීමෙන් රටට වෙන අගතිය ජනපති යුරෝපා ලොක්කන්ට කියා දෙයි !

colombotoday

අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමය ඉල්ලයි

colombotoday

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday