Colombo Today Local News

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

රුපියල් 100,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ එයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රාම නිලධාරිනිය සහ එයට අනුබල දුන් පුද්ගලයා ඊයේ (27)දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පැමිණිකරු ඉල්ලූ පදිංචිය පිළිබඳ සහතියක් ලබා දීමට රුපියල් 100,000ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා එම මුදල ලබා ගැනීමේ දී අදාළ සැකකාරි හා සැකකරු ග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්තව රාජකාරි කරන අයෙකු බව වාර්තා වේ.

Related posts

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

Admin

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday