Colombo Today Local News

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමක නිරත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක කම්කරු සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි, සියාම් හා වසිම් යන “අයියා මල්ලි” යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයන් යතුරුපැදිවලින් දඹුල්ල, ගලේවෙල, අනුරාධපුර, කැකිරාව ආදී ප්‍රදේශ රැසකට මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා අලෙවි කිරීම සිදුකරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ගලේවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු, තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (20)දින රාත්‍රියේ ගලේවෙල නබඩ ගහවත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයාගේ නිවස සෝදිසියට ලක්කොට තිබේ.

එහිදී පැකට් කරන ලද අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනහමාරක්, කේරළ ගංජා ග්‍රෑම් හතරක්, යතුරුපැදියක්, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක්, බැංකු කාඩ්පත් රැසක්, ඒටීඑම් කාඩ්පත්, මෙන්ම අයිස් පැකට් කිරීම සඳහා යොදා ගන්නා පොලිතීන් කවර හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ මුදල් සොයා ගත් බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනාට අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා ගෙනැවිත් දෙන ඔවුන්ගේම තවත් සහෝදරයකු පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙර ද ගංජා ජාවාරම සහ ළඟ තබා ගැනීම ආදී චෝදනා යටතේ අධිකරණයෙන් වරදකරුවන් වූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආර්ථික මධ්‍යස්ථානයට එන බොහෝ දෙනෙකුට ඉහළ මිල ගණන් යටතේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

Related posts

මහ දවාලේ මහබැංකුව කැඩුවා.. කෝටි ගණන් හොරකම් කරා.. ආණ්ඩුවේ හොද නම එජාපය කෑවා

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday