Colombo Today Local News

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය හෙට (26) සහ අනිද්දා (27)දෙදින පාසල් සිසුන් සදහා විවෘත නොවන බව විදුහල්පති ජී.ඩබ්ලිව්.ජගත් සේනාරත්න මහතා අද (25)දින පස්රුවේදි පැවසීය.

පාසල පසුගිය 23දා ආරම්භ වීමත් සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව සහ පියා කොරෝනා ආසාධිතයන්වීම හේතුවෙන් මෙම විද්‍යාලය හෙට (26 ) සහ අනිද්දා (27) නොකැදවීමට විදුහල්පතිවරයා ඇතුලු විදුහලේ කොරෝනා මර්දන කමිටුව මගින් මේ තීරණය ගෙන ඇත.

එම එක් දරුවෙකු මෙම විදුහලේ නවය වසරේ අධ්‍යාපනය ලබන බවත් ඔහු පාසලට පැමිණීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි සහ පාසල් භූමිය මෙම දෙදින තුළ විෂ බීජ හරනය සිදු කරන බව විදුහල්පතිවරයා පැවසීය.

මෙම පාසලේ ගුරුවරුන් මෙම දෙදින තුළ කාණ්ඩ වශයෙන් විදුහලට කැදවීමට විදුහල්පතිවරයා තීරණය කර ඇත.

විදුහල ලබන සදුදා (30) යළි ආරම්භ කෙරේ.

Related posts

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

colombotoday

අද ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන මෙන්න

colombotoday

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

Admin

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday