Colombo Today Local News

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශණ සදහා ත්‍රස්ත්‍ර විමර්ෂණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මොවුන් දින 90 ක රැදවුම් නියෝග මත තබාගනිමින් විමර්ශණ සිදුකරනු ලැබු අතර ඊයේ දිනයේදී එම සැකකරුවන් 11 දෙනා ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශයට භාරදුන් බවයි පොලිසිය සදහන් කලේ.

එම සැකකරුවන් 11 දෙනා අතරට මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ් / මොහොම්මඩු රියාල් මොහොමඞ් සාජිද් / මුස්තාක් අලි අම්හර් / මොහොමඞ් තාහිර් හිදයතුල්ලා හා මොහොමඞ් රම්සින් රුප්දි අහමඞ් /මොහිදින් බාවා මොහොමඞ් රූම් / අබාදුල් හලීම් මොහොමඞ් හිමාස් / මොහොමඞ් කාසිම් මොහොමඞ් අකිල් / හිස්බුල්ලා බාස් හුස්නි අහමඞ් යන පිරිස අයත්.

මොහොමඞ් සාහිර් මොහොමදු අහ්සන් / මොහොමදු අවුතාක් අනීස් මොහොමඞ් යන සැකකරුවන්ද වැඩිදුර විමර්ශණ සදහා ත්‍රස්ත්‍ර විමර්ෂණ කොට්ශායට භාර දුන් සැකකරුවන් 11 දෙනා අතරට ඇතුලත් වනවා.

Related posts

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

colombotoday

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday

පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවන් මං නායකයා වෙනවා..මේපාරත් අප්පච්චි මළා තමයි- විජිත්

colombotoday

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday