Colombo Today Local News

අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මුහුදු මහා විහාරාධිපති හිමියන් විසින් කොහේවත් නැති අක්කර 72ක් ඉල්ලන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුහුදු මහා විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් colombo today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී කියා සිටියේ,

” මා කොහේවත් නැති අක්කර 72ක් නොවේ ඉල්ලුවේ.. සෙනරත් පරණවිතාන මහතා විසින් මතුපිට පුරාවිද්‍යා ස්මාරක සහිතව මුහුදු මහා විහාරයට දුන් භූමි ප්‍රමාණය තමයි ඉල්ලන්නේ ” බවයි.

වැඩි දුරටත් උන්වහන්සේ කියා සිටියේ මැතිවරණයට පෙර මෙම භූමි ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉන් අදහස් වන්නේ මුස්ලිම් ජනතාව එම භූමියෙන් ඉවත් කරන ලෙස නොවන බවයි.

මෙහිදී අදහස් දැක්වු මුහුදු මහා විහාරාධිකාරී හිමියන් ඉල්ලා සිටියේ අනාගත පරපුර වෙනුවෙන් මුහුදු මහා විහාරයට අයත් භූමි ප්‍රමාණය සඝ සතු පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර වෙන්කර දෙන ලෙසයි.

Related posts

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලූ අපරාධ වහාම නැවැත්විය යුතුයි.

colombotoday

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය නැවතත්.

colombotoday

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday