Uncategorized

අධි අන්තරායකාරි දියර අඩංගු කෑන් තොගයක් මාතලෙන් සොයා ගැනේ… ආහාරවලට කලවම් කිරීමට ගෙනා ඒවාද?

යුදහමුදා නිලධාරීන් ඊයේ (19) මාතලේ නගර මධ්‍යයේ ඇති වෙලඳසැලක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස සඟවා තිබූ කිසියම් රසායන ද්‍රව්‍ය වර්ග කිහිපයක් අඩංගු කෑන් තොගයක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික අන්ත්‍රාවයි යනුවෙන් එහි තිබූ ඇතැම් කෑන්වල සඳහන් කර තිබූණි. එම රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට හානිකරදැයි සෙවීම සඳහා රස පරීක්ෂක සහ තේ මණ්ඩලයේ නිලධාරීන් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මීට අමතරව එකම අංකය සහිත ජාතික හැදුනුම්පත් 3ක් සහ අංක තහඩු 4ක්ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඇතැම් අලෙවිසැල්වල මිනිස් සිරුරුට අහිතකර සහ වද භාවය ඇතිකරන රසායනික ද්‍රව්‍ය අහාර පාන වලට මුසු කරන බවට කලක පටන් ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර, ඇතිව තිබෙන වාතාවරණය අනුව ආහාර ගැනීමේදී වඩාත් විශ්වාසදායක ස්ථානයකින් පමණක් ආහාරපාන ලබා ගැනීමට උනන්දු විය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත.

Related posts

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

colombotoday

මුලතිව්, ගුරුකන්ද නාහිමිගේ දේහය විහාර භූමියේ ආදාහනය වළක්වමින් අධීකරණ නියෝගයක් !

colombotoday

තැපැල් ඡන්දය ඔක්. 30 හා 31 දා

colombotoday

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

colombotoday

බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් කරන්නැ. – මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි

Admin