Colombo Today Local News

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

අධිකරණ අමාත්‍යාංයෙහි විවිධ රැකියා ලබා දෙන පවසමින් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදුකරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී එම ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇත.

අද (30)දින සහ මීට පෙර දින කිහිපයක දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් පැමිණ තිබූ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.

ඔවුන්ගෙන් රු.17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පුද්ගලයා ‘සමන්ත‘ යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමඟ මෙම පුද්ගලයින් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ.

තරුණ තරුණියන් 45දෙනෙකු පමණ මේ වන විට ඔහුට මුදල් ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Related posts

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

Admin

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

ෆෙඩරල් නොදෙන බවට ප්‍රකශයක් කරන්න

Admin

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday